රාගම සහ වැලිසර රෝහල්හි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27ක් මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05ක් අද (2020 අප්‍රේල් 12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටියදී ඉන් පුද්ගලයින් 06 දෙනෙකු හට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වන ලදි.
පසුව එම පිරිස ඇසුරු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා සිදු කල විමර්ශන වලදී වෛරසය ආසාධිත පුද්ගයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ සේවය කල පුද්ගලයෙකු හටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. ඒ හේතුවෙන් එම පුද්ගලයා සමීපව ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05 දෙනෙක් හදුනා ගැනීමට හැකි වූ අතර, මෙම පිරිසට කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත් වේ.
පවතින තත්වය හමුවේ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් 27 දෙනා මූලික සෞඛ්‍ය පරීක්ෂණ වලින් පසු අද (2020 අප්‍රේල් 12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.
|