නාවික හමුදාව විසින් බෙල්ලන්විල රජමහා විහාරයේ විෂබීජහරණ වැඩසටහනක් සිදු කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන තවත් විෂබීජහරණ වැඩසටහනක් අද (2020 අප්‍රේල් 12) බෙල්ලන්විල රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජහරණ වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන ලද අතර, වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් විහාර පරිශ්‍රයේ සියළුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි. මෙම අවස්ථාවේදී විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ විසින් මෙම වෛරසය රටතුල ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියා මාර්ගයන් අගය කර සිටින ලදි.
තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.
|