බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 26 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් 26 දෙනෙකු 2020 අප්‍රේල් 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 07ක්, 06ක් සහ 13ක් වශයෙන් කණ්ඩායම් තුනක් (03) ලෙස මෙම පිරිස 2020 අප්‍රේල් 08, 10 සහ 11 යන දිනයන්හිදී බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. තවද මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටව යන පුද්ගලයින් පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමට 2020 අප්‍රේල් මස 10 වන දින සිට කටයුතු කර ඇති අතර, මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් ලබා දීම සිදු කරන ලදි.

මේ වන විට පුද්ගලයින් 48 දෙනෙකු නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙම මධ්‍යස්ථානය තුළ ශ්‍රී ලාංකික පුද්ගලයින් 49 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.