මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් උණ්ඩ හතරක් (04) නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 10 වන දින මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මෝටාර් උණ්ඩ හතරක් (04) සොයා ගැනීමට සමත් විය.

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 අප්‍රේල් 10 වන දින මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ගොවිපලක් අසල තිබී මළ බැදී ගිය මිලි මීටර් 60 වර්ගයේ මෝටාර් බෝම්බ හතරක් (04) ක් සොයා ගැනීමට සමත් විය. මෙම මෝටාර් බෝම්බ මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කරන අතර එම සොයා ගන්නා ලද මෝටාර් බෝම්බ සම්බන්ධ වැඩිදුර පරික්‍ෂණ සිදු කිරීම සඳහා අඩම්පන් පොලිසිය ‍වෙත භාරදීමට කටයුතු කරන ලදි.