වැදගත් සිදුවීම්
ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, මාපලගම පාලම අසල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.
ගාල්ල, මාපලගම පාලම තුල ජලය බැසයාමට බාධාවන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 08 වන දින කටයුතු කරන ලදී.
09 Apr 2020
ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (2020 අප්‍රේල් 09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
09 Apr 2020
නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
09 Apr 2020
මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 08 වන දින මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඇඳිරි නීතිය පවතින අවස්ථාවක බලපත්‍ර රහිතව මසුන් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථ දෙකක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
09 Apr 2020
නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථානයක් වැටලීමට නාවික හමුදා සහාය.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම නෙළුම්වැව කල්ලඩි ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සමග පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
09 Apr 2020
ස්වයං නිරෝධායනය වන මහබාගේ ප්‍රයිම් රෙසිඩන්සි (Prime Residency) සහ ඉගුරුකඩේ සිරිමුතු උයන මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 වන දින සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදි.
09 Apr 2020
ගාල්ල ධීවර වරාය තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
ගාල්ල ධීවර වරායේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව 2020 අප්‍රේල් 08 වන දින කටයුතු කරන ලදි.
09 Apr 2020


