මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 08 වන දින මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඇඳිරි නීතිය පවතින අවස්ථාවක බලපත්‍ර රහිතව මසුන් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථ දෙකක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
රට තුළ පවතින ව්‍යසනකාරී තත්වය පාලනය කිරීම සහ මහජනතාවගේ ආරක්ෂාව උදෙසා දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක එම ඇඳිරි නීති තත්වය නොතකමින් මාර්ගයේ ධාවනය කරන ලද කැබ් රථ දෙකක් (02) මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය ඉදිරිපිට මාර්ග බාධකයේදී පරීක්ෂාවට ලක් කිරීමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් කටයුතු කරන ලදි. එහිදී එම රථ තුල තිබී මසුන් සහ එළවළු තොගයක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, නමුත් එම මසුන් සහ එළවළු වලංගු ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ බැවින් අදාල කැබ් රථ දෙක (02) සහ එම රථ තුල ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින්, කැබ් රථ හා එම රථ තුල තිබූ මසුන් සහ එළවළු ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුලතිවු පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, රට තුල ඇතිවී තිබෙන මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා සහය ලබා නොදෙමින් හැසිරෙන මෙවැනි පුද්ගලයින් නීතිය ඉදිරියට රැගෙන ඒම සඳහා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.