නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථානයක් වැටලීමට නාවික හමුදා සහාය.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම නෙළුම්වැව කල්ලඩි ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සමග පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ පුත්තලම පොලිසිය එක්ව පුත්තලම නෙළුම්වැව කල්ලඩි ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව නිවසක් තුල නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. තවද එම අවස්ථාවේදී එම නිවසේ තිබී දේශීය මත්පැන් (ගෝඩා) ලීටර් 260ක් සහ නිති විරෝධී මත් පැන් නිශ්පාදනයට යොදා ගන්නා තවත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 27ක් වන අයෙකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු, දේශීය මත්පැන් (ගෝඩා) ලීටර් 260 සහ නිති විරෝධී මත් පැන් නිශ්පාදනයට යොදා ගන්නා ලද උපකරණ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු පුත්තලම පොලීසිය විසින් සිදු කරනු ලබයි.