කොළම නාවික මහ රෝහල වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
කොළඹ නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගනිමින් ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් අද (2020 අප්‍රේල් මස 08) ක්‍රියාත්මක කරන ලදි.
නාවික හමුදාධිපති වියිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් දීර්ඝ කාලීනව ප්‍රතිකාර නිර්දේශ කරන ලද රෝගීන් හට ඖෂධ බෙදා හැරීම සිදු කරන ලදි. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඔවුන් හට අවසන් වරට නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරුව අයදුම් කරන ලද පුද්ගලයන්ගේ නිවෙස් වලට ලබාදීම කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල සහ පොලොන්නරුව යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි ඖෂධ බහාලුම් 168 ක් මෙසේ බෙදා දීම සිදු කරන ලදි.
මෙහිදී නාවික හමුදා වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඖෂධ වට්ටෝරු බෙදා හැරීම සිදු කරන ලද අතර, ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.
|