නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ගඟේ මුර සංචාර තර කෙරේ.
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් සහ දර්ගා නගරය යන ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු හමුවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි ජනතාව ස්වයං නිරෝදායනයකට ලක් කර එම ප්‍රදේශයන්ගෙන් පිටවීම තහනම් කර තිබියදී බොල්ගොඩ සහ බෙන්තර ගංඟාවන් හරහා එම ප්‍රදේශයන්හි ජනතාව වෙනත් ගම්මාන වලට ගමන්කිරීම වැළැක්වීම සඳහා බොල්ගොඩ සහ බෙන්තර ගංඟාවන්හි නාවික හමුදා මුර සංචාරයක් 2020 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදි.
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් සහ දර්ගා නගරය යන ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිතයින් හමුවීමෙන් පසුව එම ප්‍රදේශයන්ට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර එම ගම්මාන ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට රජය විසින් පසුගියදා කටයුතු කරන ලදි. එසේ වුවද කොරෝනා වෛරසය අනෙක් ප්‍රදේශයන්ට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය ගන්නා ලද මෙම ක්‍රියා මාර්ගය උල්ලංඝණය කරමින් අටළුගම සහ දර්ගා නගරය ප්‍රදේශයන්හි ඇතැම් පිරිසක් බොල්ගොඩ සහ බෙන්තර ගඟ හරහා අවට ප්‍රදේශ වලට ගමන් කිරීම හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බොල්ගොඩ සහ බෙන්තර ගංඟාවන්හි නාවික හමුදා මුර සංචාරයක් ක්‍රියාත්මක කිරීම 2020 අප්‍රේල් 06 වන දින ආරම්භ කරන ලදි.
තවද මහජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙවැනි අවධානම් තත්වයක් ඇති රටේ අනෙක් ප්රදේශවලද නාවික හමුදා මුර සංචාර ක්‍රියාත්මක කිරීමට නවික හමුදාව සියළු කටයුතු සූදානම් කර ඇත
|