ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් ගාලු මුවදොර වෙරළ තීරයේදී කැස්බෑ පැටවුන් 13 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරයේදී සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් එළියට පැමිණි තවත් කැස්බෑ පැටවුන් 13 දෙනෙකු සාගරයට මුදා හැරීම 2020 අප්‍රේල් 06 වන දින සිදු කරන ලදි.
වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, එහි මුලික අරමුණ වන්නේ වඳවී යන කැස්බෑ සත්ව විශේෂය සංරක්ෂණය කොට සාගර පරිසර පදිධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමයි. විශේෂයෙන් නාවික හමුදාව විසින් ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කොට ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර කළාපයක් ලෙස පවත්වාගෙන යාමේ ප්‍රථිපලයක් ලෙස එම වෙරළ තීරයේ කැස්බෑවන් බිත්තර දමා ඇති බව නාවික හමුදාව සොයා ගන්නා ලදි. පසුව නාවික හමුදාධිපතිගේ සෘජු අධීක්ෂණය යටතේ එම බිත්තර අදාල ස්ථානයේම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලද අතර, එහි සාර්ථක ප්‍රථිඵල ගෙන දෙමින් එම කැස්බෑ බිත්තර මගින් එලියට පැමිණි කැස්බෑ පැටවුන් 83 දෙනෙකු 2020 පෙබරවාරි 05 වන දින සාගරයට මුදාහැරීම සිදු කරන ලද අතර, තවත් කැස්බෑ පැටවුන් 13 ක ප්‍රමාණයක් සාගරයට මුදා හැරීම 2020 අප්‍රේල් 06 වන දින සිදු කරන ලදි.
තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.
|