ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී

නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 01 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ දිවයිනේ ලේ බැංකු සතු රුධිර සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමේ ජාතික අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් ලේ බැංකුවේ අධ්‍යක්‍ෂක තුමන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මඟ පෙන්වීම යටතේ 2020 අප්‍රේල් 01 වන දින නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනයේ නාවික පුද්ගලයින් විසින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙහිදී ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට එක් විය

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා හම්බන්තොට රොහලේ රුධිර පාරවිලයන අංශයේ කාර්ය්‍ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දුන් අතර, ඉදිරියේදීද රටේ පවතින ජාතික අවශ්‍යතාවයන් වටහා ගනිමින් තම දායකත්වය උපරිමයෙන් ලබා දීම සඳහා නාවික හමුදාව සූදානමින් සිටී.