ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදා සාමාජිකයින් ගේ සහාය.
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහක් අද (2020 පෙබරවාරි 08) ගල්කිස්ස වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලයද එක්විය.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නීල ‘හරිත ව්‍යාපෘතිය’ යටතේ සිදු කරනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද (2020 පෙබරවාරි 08) ගල්කිස්ස වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පැවති අතර, ඒ සඳහා නාවික හමුදා සාමාජිකයින් සමග ජල විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙරටට පැමිණ තිබෙන ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලයද එක්විය.
ඒ අනුව ඉතා උද්යෝගයෙන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත් සුන්දර වෙරළ තීරයන් බවට පත් කිරීමේ මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශංසාව පුද කර සිටින ලද අතර, මෙම වැඩසටහන දෙපාර්ශවයේ සුහදතාවය වර්ධනය කර ගැනීමටද මහෝපකාරී විය.
|