නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කඩොලාන පැල රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‍කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් අද (2020 පෙබරවාරි 08) පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

අද (2020 පෙබරවාරි 08) දින ගිණිකොන නාවික විධානය මගින් ක්‍රියාත්මක කල මෙම වැඩසටහනේදී පානම කළපුව ආශ්‍රිත ප්‍රදේශයේ කඩොලාන පැල 1000 ක් රෝපණය කිරීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද මෙම වැඩසටහන සඳහා ගිණිකොන විධානය භාර ආඥාපති සහ තවත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක් සහභාගී වන ලදි.

තවද, ‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතීන්ට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිඳු කිරීම, කැස්බෑ සංරක්ෂණය, ජීව වායු නිෂ්පාදනය කිරීම සහ කොරල්පර සංරක්ෂණ වැනි ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. එමගින් ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා නාවික හමුදාව විසින් සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත.