තෙත සහිත බීඩි කොළ කිලෝ 700කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 07 වන දින උඩප්පුව, සින්නපාඩු මුහුදු සීමාවේ සිදු කළ මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත බීඩිකොළ කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සිය බාරයට ගැනීමට සමත්ව ඇත.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රට තුලට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර. ඒ අනුව 2020 පෙබරවාරි 07වන දින පුත්තලම, උඩප්පුව, සින්නපාඩු මුහුදු සීමාවේ සිදු කරනු ලද මුර සංචාරයක් අතර තුර සැක සහිත පාර්සල් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබෙනු නීරීක්‍ෂණය කර, අදාල පාර්සල් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එම පාර්සල් තුල තිබී තෙත සහිත බීඩි කොළ කිලෝ 700කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව අදාල බීඩිකොල තොගය නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව විසින් අඛණ්ඩව සිදුකරන ‍සොදිසි මෙහෙයුම් නිසාවෙන් ජවාරම් කරුවන් විසින් මෙම බීඩිකොළ තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇතැයි විශ්වාස කරනු ලබන අතර, නාවික හමුදා බාරයට ගන්නා ලද බීඩි කොළ තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සින්නපාඩු රේගු කාර්යාලය වෙත බාරදීමට කටයුතු කරන ලදි..