කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 පෙබරවාරි 07 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව අද 2020 පෙබරවාරි 07වන දින මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය හා එක්ව මන්නාරම, ඉලුප්පුකඩවායි, කට්ටඩුවායල් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බලපත්‍ර නොමැති කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 25ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කොටන තුවක්කුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි, පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.