නාවික හමුදාව විසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත යාන්ත්‍රික උපකරණ පරිත්‍යාග කරනු ලබයි.

2020 පෙබරවාරි මස 06 වන දින ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙත නාවික හමුදාව සතුව තිබු භාවිතයෙන් ඉවත් කරන ලද එංජින් සහ තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරිම සිදුකරන ලදි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති තුමාගේ අනුමැතිය මත දකුණු විධානය භාර ආඥාපති විසින් නාවික හමුදා භාවිතයෙන් ඉවත්කර ඇති එංජින් සහ තාක්ෂණික යන්ත්‍ර උපකරණ විද්‍යාලය වෙත භාරදිම සිදු විය.

විද්‍යාලයේ තාක්ෂණ විෂයධාරව හදාරනු ලබන සිසුන්ගේ අධ්‍යන කටයුතු ප්‍රායෝගිකව සිදුකිරීමටත් යන්ත්‍ර සූත්‍ර කොටස් හදුනා ගැනිමටත්, එකලස් කිරීම සහ වැඩිදුර අධ්‍යන කටයුතු පහසු කරගැනීමට මෙම උපකරණ තුලින් හැකියාව ලැබෙන අතර, මෙම පරිත්‍යාගය සම්බන්ධව නාවික හමුදාව වෙත විද්‍යාලීය විදුහල්පතිගේ හා සිසු දරුවන්ගේ ප්‍රශංසාවද පුද කරන ලදි.

මෙම අවස්ථාව සදහා දකුණු විධානය භාර ආඥාපති සහ දකුණු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගිවී සිටියහ.