නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 06 වන දින ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2020 පෙබරවාරි 06 වන දින නාවික හමුදාව සහ කලුවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඔඩ්ඩමාවඩි, කල්කුඩා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුරදී ජෙලිග්නයිට් කූරු 45 ක් ආරක්ෂිත වෙඩි නූල් අඩි 33ක ප්‍රමාණයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 70 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 57ක් වන එම ප්‍රදේශයේම පදිංචි කරුවකු බවට හදුනාගෙන ඇති අතර, අත් අඩංගුවට ගන්නා ලද ජෙලිග්නයිට් කූරු, ආරක්ෂිත වෙඩි නූල් සහ විදුලි නොවන ඩෙටනේටර් සම්බන්ධයෙන් වැඩි දුර විමර්ෂණ කටයුතු සඳහා චාලච්චේන පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.