බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

ගාල්ල, මහමෝදර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු (01) 2020 පෙබරවාරි 06 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

2020 පෙබරවාරි 06 වන දින ගාල්ල මහමෝදර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. එහිදී එම පුද්ගලයා විසින් ධීවර කටයුතු වල නිරතවීම සඳහා භාවිතා කළ ධීවර යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අදාල පුද්ගලයා වයස අවුරුදු 37ක් වන ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

තවද, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා, ධීවර යාත්‍රාව සහ පිටත දහන යන්ත්‍රය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.