කේරළ ගංජා ග්‍රෑම් 56ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 පෙබරවාරි 06) කුච්චවේලි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 56 කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය සපයමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය හා එක්ව අද (2020 පෙබරවාරි 06) කුච්චවේලි, මදුරංකුඩා ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එහිදී කේරළ ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇති අතර, වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබූ කේරළ ගංජා ග්‍රෑම් 56 ක පමණ ප්‍රමාණයක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථනයක් සහ මුදලින් රු 21,320.00 ක මුදලක් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 27ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට කරුණු අනාවරණය කරගෙන ඇත. අත් අඩංගුවට ගන්නා ලද සැකකරු සහ කේරළ ගංජා තොගය පිළිබද වැඩිදුර විමර්ෂණ කුච්චවේලි පොලිසිය මගින් සිදු කරනු ලබයි.