පුපුරණ ද්‍රව්‍ය සමග ඩෙටනේටර් හතරක් (04) නාවික හමුදාව විසින් සොයාගැනේ

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 19 වන දින කෝකිලායි, වල්පාඩුකුඩා වෙරළ තීරයේ සිදුකල මුර සංචාරයකදී වෙරළ තීරයේ සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සමග ඩෙටනේටර් 04ක් සොයා ගැනීමට සමත් වී ඇත.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර. ඒ අනුව 2020 ජනවාරි 19 වන දින කෝකිලායි, වල්පාඩුකුඩා වෙරළ තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර වෙරළ තීරයේ සගවා තිබූ සේවා නූල් සම්බන්ධ කරන ලද ඩෙටනේටර් හතරක් (04) සහ ටීඑන්ටී සමග හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 73ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි වී ඇත.

තවද, සොයා ගන්නා ලද ඩෙටනේටර් හතර (04) සහ ටීඑන්ටී සමග හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 73 ක ප්‍රමාණය ඉදිරි විමර්ෂණ කටයුතු සදහා නාවික හමුදා භාරයේ තබා ගැනීමට කටයුතු කර ඇත.