තහනම් දැල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 18) යාපනය නගරයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී වෙළඳ සැල් දෙකක් (02) තුළ තිබී තහනම් දැල් තොගයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙන අතර, යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය නගරයේදී සිදු කළ වැටලීමකදී තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත් වී ඇත. මෙම තහනම් දැල් වෙළඳසැල් දෙකක් (02) තුල අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, එහිදී එම වෙළදසැල් හිමිකරුවන් දෙදෙනා ද (02) අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 42 සහ 53 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ තහනම් දැල් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.