ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ලාහුගල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය සපයමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි 14 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු යතුරුපැදියක් නිරීක්‍ෂණය කර, එය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කීරීමේදී මෙම ගංජා ප්‍රමාණය සොයා ගැනීමට සමත් වී ඇති අතර, අත් අඩංගුවට පත් වූ පුද්ගලයින් වයස අවුරුදු 20 සහ 22 වන වියෙහි පසුවන සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

එසේම, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගංජා කිලෝග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොතුවිල්, පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

එමෙන්ම මෙරට තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.