නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සිලාවතුර වෙරළ තීරයේ 2020 ජනවාරි 08 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි එක් මෙහෙයුමක් සිලාවතුර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී වෙරළ තීරයේ තිබු සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර එය පරික්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සිදු කල වැඩිදුර විමර්ශනයේදී එහි සිටි පුද්ගලයින් නීති විරෝධි ලෙස වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරතව ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත. එම පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 44 ක් වන සිලාවතුර සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 24 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 17 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන්, ධිවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මුහුදු කූඩැල්ලන්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
|