හෙරොයින් සමග ත්‍රිරෝද රථයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 08) පුත්තලම, කල්ලඩි ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 03 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.

මුහුදු මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීමට ඇති ඉඩකඩ අහුරාලමින් සහ මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, දිවයින අභ්‍යන්තරයේද නීති විරෝධී මත්‍ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ඒ අනුව, පුත්තලම පොලිසිය සමග එක්ව සිදු කළ සෝදිසි කිරිමකදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇත. එම අවස්ථාවේ ත්‍රීරෝද රථය පරීක්‍ෂාවට ලක් කිරීමට උත්සහ ගැනීමේදී එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර එහිදී ත්‍රීරෝද රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 03 ක් පමණ සොයා ගැනීමට හැකි වී ඇත.

සොයා ගන්නා ලද හෙරොයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවට සැක පල කෙරෙන අතර, සැක කටයුතු ත්‍රිරෝද රථය සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.