මැදවච්චිය, තම්මැන්නාවකුලම ජලාශයේ සොරොව්වේ මඩ ඉවත් කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

මැදවච්චිය, තම්මැන්නාවකුලම ජලාශයේ සොරොව්ව තුළ සිරවී තිබූ මඩ ඉවත් කර යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව 2020 ජනවාරි 04 වන දින සිය දායකත්වය සපයන ලදී.

පසුගිය දිනවල පැවැති වාර්ෂාව හේතුවෙන් මැදවච්චිය, තම්මැන්නාවකුලම ජලාශයේ සොරොව්ව තුළ මඩ සිරවී අක්‍රීයව පැවැති අතර, එය නැවත පිළිසකර කිරිම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

එහිදී නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරමින් සොරොව්ව තුල සිරවී තිබූ මඩ ඉවත් කර නැවත එය පිලිසකර කීරිමට සමත් විය.