හෙරෝයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 07 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක් කින්නියා පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඔහු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔහු සතුව තිබී මෙම හෙරොයින් ප්‍රමාණය සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 38 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කින්නියා, පොලිසිය විසින් සිදු කරනු ලබයි.