ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් 2020 ජනවාරි 07 වන දින සිට 09 වන දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.

ආරක්‍ෂක අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාවට අයත් සියළු විධානයන් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව දකුණු නාවික විධානය විසින් මාගාල්ල, පෙට්ටිගලවත්ත සහ දංගෙදර යන ප්‍රදේශයන්ද නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රීකුණාමලය, අන්බුවලිපුරම්‍ සහ ඔර්ස්හිල් යන ප්‍රදේශයන් මෙන්ම උතුරු නාවික විධානයට අයත් සියළුම කඳවුරු පරිශ්‍රයන් තුළද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

මෙහිදී අවට පරිසරය දැඩි ලෙස පරීක්ෂාවට ලක්කර ඒ සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීම සිදුකල අතරම ඊට අමතරව නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුල ද ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු කරන ලදී. එමෙන්‍ම මාරාන්තික ‍ඩෙංගු උවදුර මර්ධනය කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කර‍නු ලබයි.


උතුරු නාවික විධාන‍යේ ඩෙංගු මර්ධන වැඩසටහන


නැගෙනහිර නාවික විධානයේ ඩෙංගු මර්ධන වැඩසටහන


දකුණු නාවික විධානයේ ඩෙංගු මර්ධන වැඩසටහන