තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 08) මොල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව මොල්ලිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ සිදු කරනලද මුර සංචාරයක් අතරතුරදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදි ඩිංගි යාත්‍රා 03 ක් සහ දැල් 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 22 ත් 45 ත් අතර වයස් වල පසුවන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.