බලපත්ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ මුලතිව්, සහකාර ධිවර අධ්යක්ෂක කාර්යාලය එක්ව මුලතිව්, පුදුමාතලන් වෙරළ තීරයේ සිදු කල වැටලීමකදී බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ මුලතිව්, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය එක්ව 2019 ඔක්තෝබර් 22 වන දින මුලතිව්, පුදුමාතලන් වෙරළ තීරයේ සිදු කළ වැටලීමක් අතරතුරදී නීති විරෝධි ලෙස බලපත්ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙහිදී නීති විරෝධී අන්දමින් ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 04 ක් සහ පිටත දහන යන්ත්ර 04 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 36 ත් 40 ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ ත්රිකුණාමලය යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ධිවර යාත්රා, පිටත දහන යන්ත්ර, මුහුදු කූඩැල්ලන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මුලතිව්, සහකාර ධීවර අධ්යක්ෂක විසින් සිදු කරනු ලබයි.
තවද, නාවික හමුදාව විසින් ත්රිකුණාමලය, නල්ලූර් වෙරළ තීරයේ සහ මන්නාරම, වංකාලේ ප්රදේශයේ එදිනම සිදු කල සෝදිසි කිරීම් අතරතුරදී බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්රවාහනය කල පුද්ගලයින් 11 දෙනෙක් ද නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇති අතර, එහිදී ද මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 340 ක් සොයා ගැනීමට සමත්ව වීය.