ගාලු කතිකාව 2019 සඳහා සහභාගීවූ තවත් විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් රැසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පවත්වන ලද 2019 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය රටවල්වල ආරක්‍ෂක ප්‍රධානීන් 2019 ඔක්තෝබර් 22 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ඒ අනුව, ඕස්ට්‍රේලියාව, ජපානය, රුසියාව, ජර්මනිය, පකිස්ථානය, පොලන්තය, කාම්බෝජය, මැලේසියාව, සිෂේල්ස් සහ ඉන්දියාව යන රටවල්වල ආරක්‍ෂක ප්‍රධානීන් සහ ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ සහායක, ආචාර්ය ඩෙවිඩ් බ්‍රෙව්ස්ටර් මහතා කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපතිතුමන් මුණ ගැසිණි. එහිදී, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වී ඇත.

මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල ආරක්‍ෂක අංශ අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට ස්තුතිය පුද කිරීමට ද කටයුතු කර ඇත. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


නාවික හමුදාධිපතිතුමන් සහ ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ සහායක අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ජපාන මාණ්ඩලික සාගරික කාර්යාලයේ මෙහෙයුම් හා සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ රුසියානු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ජර්මානු නාවික හමුදාවේ අධ්‍යක්ෂ (සැලසුම් සහ ප්‍රතිපත්ති) අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ පකිස්ථානු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදවේ සාගරික දේශසීමා විධානයේ ආඥාපති අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියාවේ පොලන්ත ආරක්‍ෂක උපදේශක අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ රාජකීය කාම්බෝජියානු නාවික හමුදාවේ ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ මැලේසියානු නාවික හමුදාවේ බටහිර දියත් විධානයේ ආඥාපති අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ සිෂේල්ස් රාජ්‍යයේ වෙරළාරක්‍ෂක බලකායේ ආඥාපති අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියානු වෙරළාරක්‍ෂක බලකායේ ප්‍රධානී අතර හමුව