නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය සමඟින් 2019 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දස වන වරටත් සංවිධානය කරනු ලැබූ ගාලු කතිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් 22 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය” යන තේමාව යටතේ පැවති මෙවර සමුළුව සඳහා රටවල් 55 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක මෙන්ම ආරක්ෂක කේෂත්රයේ නිපැයුම් සම්බන්ධ ආයතන 03 ක විදෙස් නියෝජිතයින් සහභාගී විය.
නාවික හමුදාව විසින් වැඩි ප්රමුඛත්වයක් ලබා දෙමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගාලු කතිකාව අන්තර්ජාතික සම්මන්ත්‍රණය, කලාපීය සාගරික සහයෝගීතාවය හා අන්තර්ජාතික වශයෙන් බලපා ඇති සාගරික අභියෝගයන් සඳහා විසඳුම් සාකච්ජා කිරීම මූලික කරගනිමින් පවත්වනු ලබයි. ගෝලීය වශයෙන් සාගරික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් වන කරුණු රාශියක් පිළිබඳ ඉතා වැදගත් අදහස් හුවමාරු කර ගැනීමට මෙවර සමුළුව මගින් හැකියාව ලැබිණි.
තවද, දස වසරක් පුරා අඛණ්ඩව පැවැති ගාලු කතිකාව සම්මන්ත්රණයන් සඳහා පැමිණි වැඩිම විදේශිය නියෝජිත පිරිස මෙවර සමුළුවට පැමිණ තිබූ අතර, පාස්කු ඉරුදින සිදුවු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 06 කට පසුව පැවැති මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් 55 ක නියෝජිතයින් සහභාගීවීමෙන් රටේ පවතින අරක්ෂක තත්වය පිළිබඳව ජාත්‍යාන්තර ප්‍රජාව සතු සුබවාදි ආකල්පය මැනවින් පිළිඹිබු කෙරේ.
ඒ අනුව, මෙවර සම්මන්ත්‍රණයේදී “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය”යන තේමාව යටතේ පහත සඳහන් මාතෘකා යටතේ විදෙස් නාවික හමුදා නිලධාරින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සිය නිබන්ධන ඉදිරිපත් කරන ලදී.
‘ඉන්දියානු සාගරයේ ආරක්ෂක තත්වය සඳහා ඉන්දියානු නාවික හමුදාවේ කැපවීම; අන්තර්ජාතික අපරාධ සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව ඉන්දියානු සාගරයේ පසුගිය වසර 10 ක කැපවීම් පිළිබඳ විශ්ලේෂණයක්. ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් එම්එස් පවර්
‘හවුල්කාරි අනාගතයක් තුලින් සමුද්‍රීය ප්‍රජාව නැමැති සංකල්පය තහවුරු කිරීම, සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් විවෘත කිරීම’ චීන නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් හූ ෂොන්ග්මින්ග්
‘සමුද්‍රීය ආරක්ෂාව පවත්වාගෙන යාමේදී නාවික හමුදාවේ කාර්යභාරය’ රුසියානු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඕලෙග් වී. අපිෂේව්
‘වඩා හොඳ ආරක්ෂාවක් සහ සහයෝගීතාවයක් සඳහා සමුද්‍රීය සහයෝගීතාව ගොඩනැගීම;ඉන්දියානු සාගරයේ එක්සත් ජනපද නාවික හමුදා යෙදවීමේ අවසන් වසර 10 පිළිබඳ විශ්ලේෂණයක් ’ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැසිෆික් නාවික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අතිරේක ආරක්ෂක අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් ඩබ්. ග්රන්ට් මේගර්
‘ඉන්දියන් සාගරයේ උපායමාර්ගික පරිසරයේ වර්ධනයන්: බහු ධ්‍රැවීය කලාපයක් සඳහා සැලසුම් කිරීම’ ඕස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ සහායක, ආචාර්ය ඩෙවිඩ් බ්‍රෙව්ස්ටර්
‘ඉන්දියානු සාගරයේ නාවික ආර්ථිකය: නෞකා පදනම් කරගත් ආර්ථිකයන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගරයේ ජපන් නාවික යෙදවීම පිළිබඳ විශ්ලේෂණයක්’ ජපානයේ සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය නාවික මාණ්ඩලික කාර්යාලය , අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ සැලසුම් දෙපාර්තමේන්තු නිලධාරි, රියර් අද්මිරාල් අකීරා සයිතෝ
‘කලාපයේ සහ ශ්‍රී ලංකාවේ වරාය සහ ඔවුන්ගේ තරඟකාරීත්වය ’ ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ කළමණාකරණ අධ්‍යක්ෂක, කපිතාන් අතුල හේවාවිතාරණ මහතා
‘ඉන්දියානු සාගරයේ නාවික ආර්ථිකය: ශ්‍රී ලංකාවේ කාර්යභාරය’ ශ්‍රී ලංකා නෞකා නියෝජිතයින්ගේ සංගමයේ සභාපති, ඉක්රම් කටීලෑන් මහතා
‘ඉන්දියන් සාගරය: සාම්ප්‍රදායික නොවන ස්වභාවයේ අන්තර්ජාතික සමුද්‍රීය තර්ජනවල ප්රවණතා සහ පරිණාමය පිළිබඳ විශ්ලේෂණයක් - ජාතික සමුද්‍රීය සම්බන්ඳතා වෙනුවෙන් තනි පාර්ශවයක අවශ්‍යතාවය’ මැලේසියාවේ සමුද්‍රීය ආයතනයේ, සමුද්‍රාරක්ෂක හා රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ජ්‍යේෂ්ඨ සාමාජික / මධ්‍යස්ථාන ප්‍රධානී, කපිතාන් මාර්ටින් ඒ. සෙබෙස්තියන්
‘ඉන්දියානු සාගරයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩපැවැත්වීම සඳහා ගෝලීය ප්රයත්නයන්හි දායකත්වය; ප්‍රංශ නාවික හමුදාව විසින් පසුගිය දස වසරක අත්දැකීම් මත පදනම් වූ විශ්ලේෂණයක්. ප්‍රංශ හමුදාවේ ඉන්දියන් සාගරයේ ඒකාබද්ධ ආඥාපති, රියර් අද්මිරාල් ඩිඩියර් මලේට්රේ
‘ඉන්දියානු සාගරයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන වලට පිළිතුරු සෙවිම; පසුගිය අවුරුදු දහය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය පිළිබඳ විශ්ලේෂණයක් ’ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ ගෝලීය සමුද්‍රීය වැඩසටහන් සම්බන්ධීකාරක (ගිණිකොන ආසියාව සහ පැසිෆික්) , ශානක ජයසේකර මහතා
‘ඉන්දියානු සාගරයේ පාරිසරික ගැටළු: පසුගිය දශකය සඳහා බංග්ලාදේශයේ කැපවීම මත පදනම්ව සමුද්‍රීය පරිසරයේ බලපෑම් පිළිබඳ විශ්ලේෂණය’ බංග්ලාදේශ නාවික හමුදාවේ චිතගොන් නාවික විධානයේ අඥාපති, රියර් අද්මිරාල් එම්. අබූ අශ්රෆ්
‘ඉන්දියන් සාගරයේ පාරිසරික ගැටළු; පසුගිය දශකය සඳහා මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ කැපවීම මත පදනම්ව සමුද්‍රීය පරිසරයේ බලපෑම පිළිබඳ විශ්ලේෂණයක් ’ මාලදිවයින ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක ආඥාපති, කර්නල් මෙහොමඩ් සලීම්
‘සමුද්‍රීය පාරිසරික ගැටළු වලට පිළිතුරු සෙවිම; පසුගිය වසර දහය තුළ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කාර්යභාරය සහ කැපවීම ’ රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ සාගර දේශසීමා විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ලී ගොඩාඩ්
‘සමුද්‍රීය ව්‍යසන සහ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහන - ඉන්දියානු සාගර කලාපයේ පසුගිය දශකය තුල පාකිස්තානයේ නාවික සහභාගීත්වය පිළිබඳ විශ්ලේෂණයක්’ පකිස්ථානු නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් මොහොමඩ් ෂූඅයිබ්
‘සමුද්‍රීය ආපදා සහ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහන: පසුගිය දශකය තුළ ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීමේ ඉන්දුනීසියානු නාවික හමුදාවේ කැපවීම්’ ඉන්දුනිසියානු නාවික හමුදා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජ්‍ය ආඥාපති, අද්මිරාල් ටැටිට් එකෝ විට්ජැක්සෝනෝ
‘කොළඹ වරායේ වෙරළට ඔබ්බෙන් වූ ‘ඩැනියෙලා’ වෙළඳ නෞකාවේ ගින්න පිළිබඳ සිද්ධි අධ්‍යයනය’ ශ්‍රී ලංකා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් මුදිත ගමගේ
එමෙන්ම, ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ අවසන් දිනය වූ අද දින නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිරාජ ආටිගල විසින් සමුළුවේ ස්තූති කතාව සිදු කරන ලදී. එහිදී මෙම සමුළුව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දුන් ආරක්ෂක අමාත්‍යංශයටත්, එම අවස්ථාව සඳහා සහභාගී වූ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටින ලදී. මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ හා ඒ සඳහා දිරියක් වූ දෙස් විදෙස් නියෝජිතයින්, ආයතන හා සංවිධානයන් හි විද්වතුන් හට ද සිය ගෞරවනීය ස්තූතිය පුද කිරීමට ද රියර් අද්මිරාල් ආටිගල එය අවස්ථාවක් කර ගන්නා ලදී. ඒ අනුව, පුරා දින 2 ක කාලයක් පැවති ගාලු කතිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඉතා සාර්ථක අයුරින් මෙලෙස නිමාවට පත් විය.