නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට

නාවික හමුදාව පුල්මුඩේ, කෝකිලායි මුහුදු‍ ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 21 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් පුල්මුඩේ, කෝකිලායි මුහුදු‍ ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයක් අතරතුරදී තහනම් දැල් භාවිතා කර ධිවර කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වසය අවුරුදු 25 ත් 51 ත් අතර වයස්වල පසුවන වැලි ඔය, කොත්තන්තිව් සහ කෝකිලායි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධිවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී. තවද, 2019 ඔක්තෝබර් 20 වන දින ද පුල්මුඩේ සහ පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහනට හසුකර දීමට සමත්වන ලදී.