නාවික හමුදාධිපතිතුමා සහ විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක්

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කරන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු 2019 ඔක්තෝබර් 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ඒ අනුව කැනඩාව, චීනය, එංගලන්තය, ඉන්දියාව, මාලදිවයින, මියන්මාර්ය, නවසිලන්තය, සුඩානය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ නෙදර්ලන්තය යන රටවල්වල අරක්‍ෂක ප්‍රධානීන් නාවික හමුදාධිපතිතුමා හමුවි විදේශිය ආරක්‍ෂක අංශ අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් සහ මිත්‍රත්වයන් තව දුරටත් වර්ධනය කර ගැනීම සහ සාගරික ආරක්ෂාව තහවුරු කර ගැනීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවන්හි නිරත විය.

මෙවැනි අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයක් ඉතා උසස් අයුරින් සංවිධානය කර රටවල් වල ආරක්‍ෂක අංශ අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා කර දීම පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට ස්තුතිය පුද කිරීමට ද පියවර ගෙන ඇත. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


නාවික හමුදාධිපතිතුමන් සහ කැනඩා නාවික හමුදා පැසිෆික් දියත් විධාන ආඥාපතිතුමන් අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ චීන නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ එක්සත් රාජධානීයේ රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියානු සාගරයේ ප්‍රංශ සන්නද්ධ හමුදාවේ ආඥාපති අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ මාලදිවයිනේ වෙරළාරක්ෂක බලකායේ ආඥාපති අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ මියන්මාර් නාවික පුහුණු විධානයේ ආඥාපති අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ රාජකීය නෙදර්ලන්ත නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ රාජකීය නවසීලන්ත නාවික හමුදා ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ සුඩාන නාවික හමුදාවේ මෙහෙයුම් හා පුහුණු ඒකකයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුව


නාවික හමුදාධිපතිතුමන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැසිෆික් නාවික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අතිරේක ආරක්‍ෂක අධ්‍යක්‍ෂක අතර හමුව