බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 27.85 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 20 වන දින නච්චිකුඩා, කීරිකුඩා ධීවර ගම්මානයට අයත් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 27.85 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නච්චිකුඩා, කීරිකුඩා ධීවර ගම්මානයට අයත් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 03 ක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව විනාශ කිරීමට කටයුතු කරන ලදී.

තවද, මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 42000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.