රාජකීය නෙදර්ලන්ත නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් (මැරීන්) එෆ්.වී. වෑන් ස්ප්‍රෑන්ග් 2019 ඔක්තෝබර් 19 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියහ.