ගාලු කථීකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය හෙට කොළඹදී
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දහවන වරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේදී ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට සියළුම කටයුතු සුදානම් කර ඇත. කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 55 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක මෙන්ම ආරක්ෂක කේෂත්රයේ නිපැයුම් සම්බන්ධ ආයතන 03 ක දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුඳානම් විම: දශකයක සමාලෝචනය” යන තේමාව යටතේ ඔක්තෝබර් මස 21 සහ 22 යන දිනයන්හී පැවැත්වේ.
මුහුදු කොල්ලකරුවන්ගේ ආධිපත්‍යයෙන් හා අන්තර්ජාතික අපරාධ, සාගරික ව්‍යසන, සාගරික දූෂණ, කලාපීය සාගරික ගැටළු වලින් යුත් ඉන්දියානු සාගරය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව උපායමාර්ග සම්බන්ධයෙන් සැලකිලිමත් වන පරිවර්තනීය සාගර කලාපයක් බවට පසුගිය දශකය තුලදී ඉන්දීය සාගර කලාපය පත්විය. ගාලු කතිකාවත හා සම්බන්ධවු සියළුම පාර්ශවකරුවන් මෙම කරුණු සම්බන්ධයෙන් පසුගිය දසවසර තුල තනිව හා සාමුහිකව ප්‍රතිචාර දක්වා ඇති අතර, මෙම කතිකාව සහ ඊට අදාල ප්‍රතිචාර තුලින් එකිනෙකා හට අළුතෙන් යමක් ඉගෙනීම සඳහා ප්‍රවේශයක් ගෙනදී ඇත. එක් පාර්ශවකරුවෙකු අත්දැකීම් තුලින් ඉගෙන ගන්නා විට අනෙක් පාර්ශවකරුවා එම අත්දැකීම වෙනත් කාලවකවානුවක අදාල කලාපයට හා රාජ්‍යයට අවේනික ක්‍රම මගින් ඉගෙනගන්නා බැවින්, මෙම ඉගෙනීම් ක්‍රියාවලිය එකිනෙකාට අනන්‍යය වුවකි. ඒ ඒ රටවල ජාතික අරමුණු හා අභිප්රායන් ප්‍රකාරව සෑම පාර්ශවකරුවෙකුම පසුගිය දශකය පුරාවට සමුද්‍රීය යහපත උදෙසා දායක වී ඇත. සාගරය සැම දෙනාටම වඩාත් සුරක්ෂිත ස්ථානයක් කිරීම උදෙසා ඒ ඒ පාර්ශවකරුවන් සිදුකල දායකත්වය පිළිබඳ ප්‍රත්‍යාවලෝකණ විශ්ලේශණයක් සිදු කිරීම මෙවර සම්මන්ත්‍රණය තුලින් බලාපොරොත්තු වේ.
ඒ අනුව, නව සහශ්‍ර වර්ෂයේ තෙවන දශකයට සුදානම්වීම සඳහා සියළුම පාර්ශවකරුවන් උගත් පාඩම් සහ නිර්දේශ ඇතුලත් සිද්ධි අධ්‍යනයන් මෙම සමුළුව තුලින් ඉදිරිපත් කිරීමටත්, ඉන්දීයානු සාගර කලාපයේ යහපැවැත්මට බලපෑ තර්ජනයන් පාලනය කිරීමට හා අවම කිරීමට ඒ ඒ පාර්ශවකරුවන් මුහුණදුන් ආකාරය සහ යොදන ලද ක්‍රියාමාර්ග වෙත නැවත හැරීබැලීමක් මෙවර සමුළුව තුලින් සිදුකෙරේ.
සාගරික කලාපයන් තුල මතුවෙමින් පවත්නා ත්‍රස්තවාදය, සතුරු ක්‍රියාකාරකම්, නීති විරෝධි හා අන්තරායකාරි කටයුතු වලට එරෙහිව ප්‍රතික්‍රියා දක්වමින් නීත්‍යානුකුල ක්‍රියාකාරකම් සඳහා සහයවීම හා සමුද්‍රීය ආර්ථික අභිප්රායන් මුදුන් පමුණුවා ගැනීම සඳහා පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වී ඇත.ජලතරණයේ නිදහස හා වෙළදාමේ නිදහස සහතික කිරීම මෙන්ම කලාපීය හා ගෝලීය ආර්ථික හා ආරක්ෂක කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීම සඳහා හැකියාව සහ ශක්තියක්ද මෙම සමුළු සභාව සතුව ඇති බැවින්, සාගරය හා සම්බන්ධ සියළුම පාර්ශවකරුවන් අතර, චිරස්ථායි සමුහිකත්වයක් ගොඩනැගීම සඳහා මෙවැනි සමුළු තුලින් මහත් පිටුවහලක් ලැබේ.
මෙවර සමුළුවේ තේමාවට අනුව සමුද්‍රීය ක්ෂේත්රයේ ඉහළ මට්ටමේ නායකයන් හා තීරණගන්නන් මෙවර සමුළුවේදි එකිනෙකාට අනන්යවන්නේ, ඔවුන් තමන්ගේ උපාය මාර්ගික අවශ්‍යතා, මෙහෙයුම් අවශ්‍යතා සහ ඒ සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගිකර ගැනීම සහ සහයෝගීව අත්දැකිම් හා තොරතුරු හුවමාරු කර ගැනීම සාකච්ඡා කිරීම නිසාවෙනි.මෙවර සමුළුව ලෝක නාවික හමුදාවන් හා සාගරික පාර්ශවකරුවන් හට කාලීන සාගරික ආරක්ෂක ගැටළු ඉදිරිපත් කිරීමට සහ සාකච්ඡා කිරීමටත්, සහයෝගිතාවය හා සාමුහිකත්වය ගොඩනැගීම සදහාත් හොඳ අවස්ථාවක් වනු ඇති බවට විශ්වාස කෙරේ.
එමෙන්ම ලෝකයේ නාවික කේෂ්ත්‍රයේ ආරක්ෂක ප්‍රධානීන් රැසක් සහභාගිවන මෙම සමුළුව මගින් රටේ යහපත් ආරක්ෂක තත්වයක් ඇති බවට ලොවට පණිවිඩයක් ලබා දී අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරයත් සමඟ බිඳවැටුණු සංචාරක කර්මාන්තය මෙන්ම රටේ ප්‍රතිරූපය නැවත නගා සිටුවීමටද මහත් පිටුවහලක් වනු ඇතිබව විශ්වාස කෙරේ.
පරිසරය සුරැකීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නීල හරිත සංග්‍රාමය මගින් සිදුකරනු ලබන ප්ලාස්ටික් සහ පොලිතීන් ප්රතිචක්කීකරණය තුලින් නව නිපැයුම් සිදුකර පරිසරය රැක ගැනීමේ මෙහෙවරට නාවික හමුදාව දායකවේ. ඒ අනුව මෙම සමුළුවට සහභාගිවන සියළුම සමාජිකයන් සඳහා ප්ලාස්ටික් ප්රතිචක්කීකරණය මගින් නිපදවා ගන්නා ලද නුල් යොදා නිමකළ ටී ෂර්ටි එකක් ලබාදීමෙන් පරිසරය රැකගැනීමට ශ්‍රීලංකාව ගෙනයන වැඩපිළිවෙල කෙරෙහි ලෝක අවධානය ලබාගැනීමටත් පරිසරය රැකගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ලොවට පණිවිඩයක් ලබාදීමටත් මෙම සමුළුව තුලින් බලාපොරොත්තුවේ.
තවද නාවික හමුදාවේ තාක්ෂණය හා ශ්‍රමදායකත්වය මගින් නිපදවනු ලබන යාත්‍රා ඉතා ඵලදායි ලෙස වරාය ආරක්ෂක මුර සංචාර සඳහා යොදාගනු ලබන අතර, මානුෂිය මෙහෙයුමේදී භාවිතා කරන ලද ඇරෝ සහ සෙඩිරික් යාත්‍රා සතුරා මැඩපැවැත්වීම සඳහා ඉහල දායකත්වයක් ලබාදීම හේතුවෙන් නාවික හමුදාව නිපදවන යාත්‍රාවල ප්‍රමිතිය ඉතා ඉහල මට්ටමක ඇතිබව සනාථ කර ඇත. නාවික හමුදාව විසින් නිපදවන ලද මෙවැනි යාත්‍රා කිහිපයක් ෂී ෂෙල්ස් රාජ්‍යයට සහ නයිජීරියාවට අලෙවි කර රටට විදේශ විනිමය ගෙන ඒමට නාවික හමුදාවට හැකියාව ලැබුනු බැවින් මෙවර සමුළුවට සහභාගිවන නාවික ක්ෂ්ත්රයේ ප්‍රධානීන්ගේ නිරීක්ෂණය සඳහා මෙම සමුළුව පැවැත්වෙන ගාලු මුවදොර හෝටලය ඉදිරිපස මුහුදේ මෙන්ම ගාලු මුවදොර පිටියේද නාවික හමුදාව නිපදවනු ලබන යාත්‍රා ප්‍රදර්ශණය කිරීමටද කටයුතු සුදානම් කර ඇත.
ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර, එම වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින තුල මෙම සමුළුව සජීවීව නැරඹිමටද පහසුකම් සලසා ඇත.