ධිවර දැල් වලට හසුවී සිටි ජීවි පොකිරිස්සන් දහදෙනෙකු නාවික හමුදාව විසින් සාගරයට මුදා හරි

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 19) කුඹුක්කන්ඔය ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී ධිවර දැල් වලට හසුවී සිටි පොකිරිස්සන් දහදෙනෙකු (10) සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, ගිණිකොන නාවික විධානය විසින් සිදු කල මුර සංචාරයකදී කුඹුක්කන්ඔය ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර දැල් 05 තුල සිරවී සිටි පොකිරිස්සන් දහදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම පොකිරිස්සන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. තවද, පැටවුන් අභිජනනය කිරීම සඳහා සුදානම්ව සිටි මෙම පොකිරිස්සන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

පොකිරිස්සන් හසුවී සිටි ධිවර දැල් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම ධීවර දැල් ආරක්‍ෂිතව නාවික හමුදා භාරයේ තබා ඇත.