කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) මන්නාරමට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදු කළ මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් දෙකක් නිරික්ෂණය කර ඇත. එම පාර්සල් පරික්ෂාවට ලක් කිරීමේදී එහි අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.520 ක් හමුවි ඇති අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හමුවේ මෙම කේරළ ගංජා තොගය අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බවට සැක කෙරේ.
සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, තවද, නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල මෙන්ම වෙරළ තීරය ද කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.
|