නාවික හමුදාව විසින් ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්රදේශයන්හිදි තහනම් දැල් සොයා ගැනේ
නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) උදෑසන ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්රදේශයන්හිදී සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තුනක් සොයා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, මිටර් 50 දිගැති තහනම් දැල් 02 සහ මිටර් 75 දිගැති තහනම් දැලක් සොයා ගත් අතර, අදාල තහනම් දැල් ඉදිරි කටයුතු සඳහා ත්රිකුණාමලය, සහකාර ධිවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.