නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 13 වන දින හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ හම්බන්තොට, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධි දුම්වැටි පැකට් 350 ක් තුල තිබී දුම්වැටි 7000 ක් සොයා ගැනීමට සමත් ඇත. මෙම දුම්වැටි තොගය ගාල්ල ප්‍රදේශයේ සිට හම්බන්තොට ප්‍රදේශය දක්වා මෝටර් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදු කල වැඩිදුර විමර්ශනයේදී ඒවා හම්බන්තොට ප්‍ර‍දේශයේ ජාවාරම්කරුවෙකු වෙත ලබා දීමට රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

එම සැකකරුවන් සහ නීති විරෝධී දුම්වැටි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම්වල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.