වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහන කල පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝම්බර් 11 වන දින යාපනය, අම්බිගා නගර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, අම්බිගා නගර් වෙරළ තීරයේ සිදුකල සෝදිසි කිරීමකදි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්ෂණය කර ඇති අතර, එය පරික්‍ෂා කිරීමේදි එහි තිබී හක් බෙල්ලන් 560 ක් සොයා ගෙන ඇත. මෙම පුද්ගලයින් හට හක් බෙල්ලන් ප්‍රවාහන කිරීම සහ ලඟ තබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය වලංගු අවසරපත් ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇති අතර, එහිදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 31, 34 සහ 40 යන වයස් වල පසුවන වේලනි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, හක් බෙල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දිමට කටයුතු කරන ලදි.