නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 04 වන දින මන්නාරම, තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 04 ක් සහ හක් බෙල්ලන් 03 ක් සමඟ පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී බලපත්‍රයක් නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් නීති විරෝධීව ප්‍රවාහනය කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 26 ත් 45 ත් අතර වියෙහි පසුවන මාන්නාරම, තාල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම මුහුදු කූඩැල්ලන්,හක්බෙල්ලන්, පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.