ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, අතිගරු ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.