කේරළ ගංජා ලඟ තබා ගත් පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 10 වන දින මන්නාරම, එලූත්තූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම, එලූත්තූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැක කටයුතු පුද්ගලයින් පිරිසක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් පරික්‍ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 100.2 ක් සොයා ගෙන ඇත. ඒ අනුව, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙලෙස මත්ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලද පුද්ගලයින් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.