ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනය සිය 52 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනයේ 52 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 09 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

52 වන සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නැව් මුළුව විසින් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. ඒ අනුව, නාවික සාම්ප්‍රදායානුකූලව 2019 සැප්තැම්බර් 08 වන දින උදෑසන ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමා විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, මෙම සැමරුමට සමගාමීව එදින සන්ධ්‍යාවේ වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබූණි. ඒ අනුව උත්කර්ශවත් අයුරින් පැවැති සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.