වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 සැප්තැම්බර් 09 වන දින මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය විසින් මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු ධීවර යාත්‍රා 02 ක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී එම යාත්‍රා පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී මෙම පුද්ගලයින් ධීවර කාර්මානතයේ නියැලිම සඳහා අවශ්‍ය වලංගු ධීවර අවසරපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති අතර, ඒ අනුව මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20, 22, 26 සහ 34 වන වියෙහි පසුවන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහාකර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.