නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 09 වන දින යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මෙම පුද්ගලයා නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට සංක්‍රමණය වීමට සුදානම්ව සිටි ඇති බව කරුණු අනාවරණය කර ගෙන ඇත. එහිදී මෙම සැකකරු සතුව තිබී ඉන්දියානු රුපියල් 3650 ක් සහ ජංගම දුරකථනයක් සොයා ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් සැකකරු, ඉන්දියානු මුදල් සහ ජංගම දුරකථනය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා ඉල්ලවාලෙයි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හේතුවෙන් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන අනවසර සංක්‍රමණ සහ නිතී විරෝධී කටයුතු සාර්ථකව මැඩපැවැත්විමට හැකි වී ඇත.