සැක කටයුතු ත්‍රිරෝද රථයක තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 සැප්තැම්බර් 03 වන දින යාපනය, කරෛයිනගර් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ සෝදිසි කීරීමකදී කරෛයිනගර් ප්‍රදේශයේ මාර්ගයක සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී ත්‍රිරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.

මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බව සැක පල කෙරෙන අතර, සෝදිසි කිරීම් හේතුවෙන් සැකකරුවන් පලා ගොස් ඇත. ඒ අනුව, සැක කටයුතු ත්‍රිරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.