නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 550 සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 02) ඉරණතිව් දුපතේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් 2019 සැප්තැම්බර් 01 වන දින ඉරණතිව් දුපතේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබූ බීඩී කොළ පාර්සල් දෙකක් සොයා ගැනිමෙන් පසුව සිදුකළ වැඩිදුර පරික්ෂණ වලදි තවත් බිඩි කොළ පාර්සල් හයක් (06) ක් සොයා ගන්නා ලදි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් ඊයේ සහ අද සිදු කරනු ලැබූ සෝදිසි කිරිම් මඟින් බීඩිකොළ කිලෝග්‍රෑම් 550 සොයා ගැනීමට සමත් වූ අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.