නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 100 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 01 වන දින ඉරණතිව් දුපතේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් ඉරණතිව් දුපතේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබූ සැක කටයුතු පාර්සල් දෙකක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම පාර්සල් පරීක්‍ෂා කිරීමේදී එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 100 ක් සොයා ගෙන ඇති අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත බාර දීමට නියමිතය.

තවද, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.